මහනුවරින් වාර්තා වී ඇති සමස්ත කොවිඩ් ආසාදිතයින් ගණන 4750


මහනුවර දිස්ත්‍රික්කයෙන් අද (07)දිනවනවිට වාර්තා වී ඇති සමස්ත කොවිඩ් ආසාදිතයන්ගේ සංඛ්‍යාව 4750 ක් බව පවසන සෞඛ්‍ය අංශ දිස්ත්‍රික්කය තුළ සිදුවී ඇති සමස්ත මරණ සංඛ්‍යාව 49 ක් බවද කියයි.

අද  (07) දිනයේදීදකොවිඩ් ආසාදිතයන්13 දෙනෙකු මහනුවර දිස්ත්‍රික්කයෙන් වාර්තා වී තිබූ අතර කොවිඩ් මරණ බවට සැක මරණ දෙකක් මහනුවර සහ තෙල්දෙණිය යන රෝහල් වලින් වාර්තා වී තිබූ අතර ඒ සම්බන්ධයෙන් සෞඛ්‍ය බලධාරීන් ගෙන් කල විමසීමකදී පවසා සිටියේ එම මියගිය පුද්ගලයන්ට කළ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණයෙන් කොවිඩ් ආසාදිත බවට තහවුරු කෙරුණද පි.සි.ආර්. පරීක්ෂණ වාර්තා ලැබෙන තුරු එය කොවිඩ් මරණ ද නැත් ද යන්න නිශ්චිතව ප්‍රකාශ කළ නොහැකි බවයි.

ඊයේ දිනයේ එසේ මේ ගොස් තිබුණේ 80 හැවිරිදි කාන්තාවක හා 19 හැවිරිදි තරුණියකි.

ෂේන් සෙනෙවිරත්න 



Recommended Articles