මහනුවරදි නිවසක් මතට තවත් නිවසක් කඩා වැටේ


පවතින  අධික  වර්ෂාව  නිසා ඊයේ (24) සවස   දෙල්තොට  ගෝනංගොඩ පට්ටියගම ප්‍රදේශයේ  නිවසක්  මතට   ඊට ඉහලින්  ඇති නිවසක බැම්මක් කඩා වැටීමෙන්  දැඩි අලාභහානි  සිදුවී ඇත. 

මේ අවස්ථාවේ  නිවසේ ළමුන් තිදෙනෙකු  ඇතුළු  පස් දෙනෙක්  සිට  ඇති අතර  කිසිවෙකුටත් අනතුරක්  සිදුවී  නොමැත. 

ගෘහ  භාණ්ඩ  ඇතුළු  උපකරණ  රැසකට අලාභහානි  සිදුවී  ඇති  අතර  බැම්ම  කැඩී යාම  නිසා  බැම්ම  අයත් නිවසද අනතුරට පත්වීමේ අවදානමක්  පවතී.

මේ සම්බන්ධයෙන්  නිවැසියන්  විසින්  දෙල්තොට  ප්‍රාදේශිය  ලේකම්  කාර්යාලයට හා ගලහ පොලීසියට දැනුම්  දී  ඇත. 

අසේල වික්‍රම



Recommended Articles