මහනුවරට භූකම්පනයක්


මහනුවර දිගන සහ ඒ අවට ප්‍රදේශවලට අද (18) පෙරවරුවේ සුළු භූ කම්පන තත්ත්වයක් ඇතිවී තිබෙන බව භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය පවසයි .

එම භූ කම්පනය රිච්ටර් මාපකයේ 2.0 වශයෙන් සඳහන්ව තිබූ බව ද පෙරවරු 9.28 මෙම භූ කම්පනය සිදු වූ බව ද පතල් කාර්යංශය කියයි . භූ කම්පනය පල්ලෙකැලේ භූ කම්පන නිරීක්ෂණ මධ්‍යස්ථානයේ සටහන් වී ඇති බව ද එම කාර්යාංශය තහවුරු කරයි .

ෂේන් සෙනෙවිරත්න



Recommended Articles