මහනුවරට අයිස් වැස්සක්


මහනුවර ඇතුළු ප්‍රදේශ වලට පසුගිය කාලයේ බලපෑ වැසි රහිත කාලගුණය නිමා කරමින් අද (31දා) සවස ධාරානිපාත වර්ෂාවක් ඇද වැටීමත් සමග මහනුවර නගරයේ ස්ථාන කීපයකටම අයිස් වර්ෂාවක් පතිත වී තිබේ .

අද සවස 2:50 පමණ මහනුවර නගරයට ඇදහැලුන ධාරානිපාත වර්ෂාවත් සමග වැව රවුම, දළදා වීදිය, මූලස්ථාන පොලීසිය පිහිටි ප්‍රදේශය ඇතුළු ස්ථාන කිහිපයකට මෙම අයිස් වර්ෂාව ඇද හැලී තිබේ .

ෂේන් සෙනෙවිරත්න

 



Recommended Articles