මහනුවර හෝටලයකින් කෑම ගත් 600ක් ලෙඩ වෙති


මහනුවර අම්පිටිය ප්‍රදේශයේ ප්‍රධාන පෙළේ හෝටලයක පැවති විවාහ උත්සව කිහිපයක් සඳහා සහභාගි වු බව කියන හයසීයක් පමණ වූ පිරිසක් හදිසියේ රෝගාතුර වීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ගඟවටකෝරලේ ප්‍රාදේශීය සභාවේ සෞඛ්‍ය අංශ පුළුල් විමර්ශනයක් ආරම්භ කොට තිබේ .

මීට දින කිහිපයකට පෙර එම හෝටලයේ විවාහ මංගල උත්සව තුනක් පවත්වා ඇති අතරඑම මංගල උත්සව තුනට සහභාගී වූ හයසියයක් පමණ වූ පිරිසක් වමනය, පාචනය සහ උණ රෝගවලින් පෙළීම හේතුවෙන් ඔවුන්ට රජයේ සහ පෞද්ගලික රෝහල් වලින් ප්‍රතිකාර ලබා ගැනීමට සිදු වූ බවද කියති .

මෙදින මහනුවර ප්‍රධාන පෙළේ ව්‍යාපාරිකයකුගේ පවුල් සාමාජිකයෙකුගේ විවාහ උත්සවයක් ද අදාල හෝටලයේ පවත්වා ඇති අතර ඔවුන් මධුසමය ගත කිරීම සඳහා විදේශ ගතවීමෙන් අනතුරුව ඔවුන්ට එහිදී රෝහල්ගත වීමට සිදු වී ඇති බව ද කියති .

මේ සම්බන්ධයෙන් ගඟවටකෝරලේ ප්‍රාදේශීය සභාවේ ඉහළ ඉහළ නිලධාරියෙකුගෙන් කළ විමසීමකදී ඒ මහතා පවසා සිටියේ එම හෝටලයේ ආහාර ගත් පිරිසට කිසියම් ආසාත්මිකතාවයක් ඇතිව තිබෙන බවත් එම හෝටලයේ ජලයෙන් එම අසාත්මිකතාවය ඇතිවිය හැකි බවටඅනුමාන කරන හෙයින් එම හෝටලයේ ජල සාම්පල වැඩිදුර පරීක්ෂණ සඳහා පේරාදෙණිය විශ්වවිද්‍යාලයට යොමු කළ බවත් පැවසීය .

සිද්ධිය සිදුවී දින කීපයක් ගත වීමෙන් අනතුරුව ඒ සම්බන්ධයෙන් පැමිණිලි ලැබීම නිසාපරීක්ෂණ කටයුතු වලට බාධා පැමිණ ඇති බව දඒ මහතා පැවසීය .

ෂේන් සෙනෙවිරත්න



Recommended Articles