මහනුවර සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලයේ රු.මි. 50ක වංචාවක්


රුපියල් මිලියන 50 ක මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකළ රජයේ විගණන දෙපාර්තමේන්තුව මහනුවර දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලයේ ගිණුම් ඒකකයට මුද්‍රා මූද්‍රා තබා තිබේ .

මහනුවර දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලයේ සිදුවු බව කියන රුපියල් මිලියන 50 කට අධික මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කිරීමෙන් අනතුරුව ඒ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු සිදුකිරීම සඳහා එසේ එහි ඉගෙනුම ඒකකයට මූද්‍රා තබා තිබේ .

එම කාර්යාලයේ සේවය කරනු ලබන කාන්තාවන් දෙදෙනෙකුගෙන් දීර්ඝ ලෙස සිදුකරන ලද ප්‍රශ්න කිරීම්වලින් අනතුරුව අදාල මූල්‍ය වංචාව වසර 05 ක පමණ කාලයක සිට සිදු කර තිබෙන බව හෙළිව තිබේ . සෞඛ්‍ය සේවකයන් සඳහා ගෙවන අතිකාල දීමනා කපාහැරීම ඇතුළු විවිධ ක්‍රම මගින් සේ එම මූල්‍ය වංචාව සිදු කර තිබෙන බව විමර්ශනවලදී හෙළිව තිබේ .

මේ සම්බන්ධයෙන් මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලලිත් යු ගමගේ මහතාගෙන් කළ විමසීමකදී ඒ මහතා පවසා සිටියේ පළාත් සභාවේ සෞඛ්‍ය අමාත්‍යාංශයට වෙන් කරනු ලබන අතිවිශාල මුදලක් වංචා කර තිබෙන බවට තමන්ට ද කරුණු වාර්තා වි තිබෙන බවත් ඒ පිළිබඳව පරීක්ෂණයක් මේ වන විට ආරම්භ කර තිබෙන බවත් ය .

ෂේන් සෙනෙවිරත්න



Recommended Articles