මහනුවර සමස්ත කොවිඩ් ආසාදිතයින් ගණ​න 16,373ක්


මහනුවර දිස්ත්‍රික්කයේ  සමස්ත කොවිඩ් 19 ආසාදිතයින් සංඛ්‍යාව ඊයේ (20) ගෙවුණු පැය 24 ක කාලය තුළ නව ආසාදිතයින් 116 ක් වාර්තාවිමත් සමග 16,373 ක් දක්වා ඉහළ ගොස් ඇති බව මධ්‍යම පළාත් සෞඛ්‍ය සේවා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

මෙම නව ආසාදිතයින් 116 වාර්තාවන  සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස දාසය වන්නේ ගඟඉහළ කෝරළේ 36, යටිනුවර, ගඟවටකෝරළේ 14  බැගින්ද, ගම්පොල 9,මහනුවර නගර සීමාව 7, උඩුනුවර 6, බඹරදෙණිය, පූජාපිටිය 5 බැගින්ද, පාතහේවාහැට 4, අකුරණ, කුණ්ඩසාලේ 3 බැගින්ද, පාතදුම්බර, දොළුව, මැණික්හින්න, හාරිස්පත්තුව, පස්බාගේ 2 බැගිනී.

මහනුවර දිස්ත්‍රික්කයේ මේ දක්වා මහනුවර දිස්ත්‍රික්කයෙන් වාර්තාවන සමස්ත මරණ සංඛ්‍යාව පන්සියය ඉක්මවා වාර්තා වේ.

දුම්බර - එම්.ආර්. ප්‍රදීප්



Recommended Articles