මහනුවර සමස්ත කොවිඩ් ආසාදිතයින් ගණන 16,125ක්


මහනුවර දිස්ත්‍රික්කයේ  සමස්ත කොවිඩ් 19 ආසාදිතයින් සංඛ්‍යාව ඊයේ (15)  ගෙවුණු පැය 24 ක කාලය තුළ නව ආසාදිතයින් 64 ක් වාර්තාවිමත් සමග 16,125 ක් දක්වා ඉහළ ගොස් ඇති බව මධ්‍යම පළාත් සෞඛ්‍ය සේවා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

මෙම නව ආසාදිතයින් 64 වාර්තාවන  සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස දහ අට වන්නේ

පූජාපිටිය 19, දොළුව 9, ගම්පොල 8, පස්බාගේ, පාතහේවාහැට 4 බැගින්, පාතදුම්බර, යටිනුවර 3 බැගින්, ගඟඉහළ කෝරළේ, හාරිස්පත්තුව, කුණ්ඩසාලේ 2 බැගින්, අකුරණ,  බඹරදෙණිය, ගලහ, ගඟවටකෝරළේ, මහනුවර නගර සීමාව, මැදදුම්බර, මැණික්හින්න, පන්විල, 1 බැගිනි.

මහනුවර දිස්ත්‍රික්කයේ ඊයේ (15) ගෙවුණු පැය 24 ක කාලය තුළ නව මරණ සංඛ්‍යාව 03 කි. මේ දක්වා මහනුවර දිස්ත්‍රික්කයෙන් වාර්තාවන සමස්ත මරණ සංඛ්‍යාව 498 කි.

දුම්බර - එම්.ආර්. ප්‍රදීප්



Recommended Articles