මහනුවර රෝහල් පොලීසිය වසයි


මහනුවර ජාතික රෝහලට අනුබද්ධිත රෝහල් පොලිසියේ රාජකාරියේ නියුතුව සිටි උපපොලිස් පරීක්ෂකවරයෙකුට කොවිඩ් වෛරසය ආසාදනය වී ඇති බවට අද (16) පි.සි.ආර්. පරීක්ෂණවලින් තහවුරු වීමත් සමග පොලිස් ඒකකය වසා දමා එහි රාජකාරියේ නියුතු පොලිස් නිලධාරීන් එකොලොස් දෙනෙකු නිරෝධායනයට යොමු කිරීමට පියවර ගෙන තිබේ .

මහනුවර පොලිස් මූලස්ථානයේ ඉහළ නිලධාරියකු පවසා සිටියේ රෝහල් පොලිසිය සම්පූර්ණයෙන් විසබීජහරණයට ලක් කිරීමෙන් අනතුරුව වෙනත් නිලධාරීන් යොදවා හැකි ඉක්මනින් එය නැවත විවෘත කරන බවයි .

ෂේන් සෙනෙවිරත්න 



Recommended Articles