මහනුවර ප්‍රධාන පෙළේ සංචාරක හෝටල් තුනක් නිරෝධායන කටයුතු වෙනුවෙන් සකසයි


විදේශ රටවලින් පැමිණෙන ශ්‍රී ලාංකිකයන්ට මුදල් ගෙවා නිරෝධායනය වීම සඳහා මහනුවර නගරය ආශ්‍රිතව පිහිටි ප්‍රධාන පෙළේ සංචාරක හෝටල් තුනක් සඳහා රජයේ අවසරය හිමිව තිබෙන අතර මේ වන විට එම සංචාරක හෝටල් වල නිරෝධායන සේවා ආරම්භ කොට තිබේ.

ඒ අනුව මහනුවර වැව රවුමේ පිහිටි සුවිස් හෝටලය සහ ඕසෝ යන හෝටල්ද අනිවත්තේ පිහිටි ටෝමලින් සංචාරක හෝටලයේද මේ වන විට විදේශ රටවලින් පැමිණි ශ්‍රී ලාංකිකයන් 410 දෙනෙකු එම හෝටල් වල නිරෝධායනය වෙමින් සිටින බව මහනුවර ජේෂ්ඨ පොලිස් නිලධාරියෙකු පැවසීය.

ෂේන් සෙනෙවිරත්න 



Recommended Articles