මහනුවර නගරයේ 45,000 කට අධික ගොඩනැගිලි සියල්ල පරීක්ෂාවට උපදෙස්


මහනුවර නගරයේ 45,000 කට අධික වු ගොඩනැගිලි සියල්ල පරීක්ෂා කර බලා ඒවායේ විධිමත් අවිධිමත් භාවය සම්බන්ධයෙන් නිසි විමර්ශනයක් සිදුකරන ලෙස මධ්‍යම ආණ්ඩුකාර නීතීඥ ලලිත් යු ගමගේ මහතා මධ්‍යම පළාත් පළාත් පාලන කොමසාරිස්වරයා වෙත උ‍පදෙස් ලබා දී ඇත.  

මහනුවර භූවැලිකඩ ඇතිවු ඛේදනීය සිදුවීමත් සමග එවන් සිදුවීමක් යළි මහනුවර නගරය තුල ඇති නොවීමේ අරමුණින් ආණ්ඩුකාරවරාය මෙලෙස ගොඩනැගිලි පරීක්ෂාවක් සිදුකිරීම සදහා උපදෙස් ලබාදුන් බව මහනුවර පිහිටි ආණ්ඩුකාර කාර්යාලීය ශ්‍රවණාගාරයේදී අද පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් ප්‍රකාශ කර සිටියේය.

 



Recommended Articles