මහනුවර දිස්ත්‍රික්කයේ කොවිඩ් 19 ආසාදිතයින් සංඛ්‍යාව 2303ක් දක්වා ඉහළට


මහනුවර දිස්ත්‍රික්කයේ කොවිඩ් 19 ආසාදිතයින් 61 ක් අලුතින් අද (22) වාර්තා වීමත් සමග මහනුවර දිස්ත්‍රික්කයේ ආසාදිතයින් සංඛ්‍යාව 2303 ක් දක්වා ඉහළ ගොස් ඇති බව මධ්‍යම පළාත් සෞඛ්‍ය සේවා දෙපාර්තමේන්තුව සදහන් කරයි.

ඒ අනුව දිස්ත්‍රික්කයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාස අතරින් වැඩිම ආසාදිතයින් ප්‍රමාණය වාර්තා මහනුවර නාගරික සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි සීමාවෙන් වාර්තා වේ. ඒ ආසාදිතයින් 420කි. අකුරණ  සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාසයෙන්  ආසාදිතයින් 351ක්, පූජාපිටිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාසය ආසාදිතයින් 253ක් වාර්තා වේ.

අනෙකුත් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාසයන් අතරින් වාර්තා වන වැඩිම ආසාදිතයින්, පාතදුම්බර 204, ගම්පොල 156,  කුණ්ඩසාලේ 114. ලෙසින් වාර්තා වේ.

හඳුනාගත් රෝගීන් සඳහා ප්‍රතිකාර කිරීම වෙනුවෙන් ප්‍රතිකාර මධ්‍යස්ථාන පහක් දිස්ත්‍රික්කය තුළ ක්‍රියාත්මකවන අතර එවායේ ආසාදිතයින් 922ක් ප්‍රතිකාර ලබයි.

දුම්බර - එම්.ආර්. ප්‍රදීප්



Recommended Articles