මහනුවර දිස්ත්‍රික්කයේ කොවිඩ් 19 ආසාදිතයින් 728 ක්


මහනුවර දිස්ත්‍රික්කයේ කොවිඩ් 19 ආසාදිතයින් සංඛ්‍යාව අද 18 ( පෙ.ව. 6.00) 728 දක්වා ඉහළ ගොස් ඇති බව  මධ්‍යම පළාත් සෞඛ්‍ය සේවා දෙපාර්තමේන්තුව පවසයි

ඒ අනුව පසුගිය පැය 24 ක කාලය තුළ හඳුනාගෙන ඇති නව ආසාදිතයින් සංඛ්‍යාව 44 කි. එම නව ආසාදිතයින් හඳුනාගත් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාස වන්නේ, අකුරණ 28, මහනුවර නගර සීමාව 13, උඩ පළාත, උඩුනුවර, යටිනුවර 01 බැගින් ලෙසනි. මහනුවර දිස්ත්‍රික්කය තුළින් මේ දක්වා වාර්තා වූ මරණ සංඛ්‍යාව 2 කි.

මහනුවර දිස්ත්‍රික්කයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාස අතරින් වැඩිම ආසාදිතයින් ප්‍රමාණයක් මේ දක්වා වාර්තා අකුරණ වන්නේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි සීමාවෙන් වාර්තා වේ. ඒ ආසාදිතයින් 219කි.  මහනුවර නාගරික සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාසයෙන්  ආසාදිතයින් 186 ක්, පාතදුම්බර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාසය ආසාදිතයින් 57 ලෙසින් වාර්තා වේ.

අනෙකුත් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාසයන් වලින් වාර්තා වන ආසාදිතයින්, ගම්පොල 30, යටිනුවර 29, හාරිස්පත්තුව 22, කුණ්ඩසාලේ 22, බඹරදෙණිය 19 , මැදදුම්බර 18, පාතහේවාහැට 17, ගලහ 15, ගඟඉහළ කෝරළේ 14, මැණික්හින්න 14, දොළුව 14, පූජාපිටිය 12, ගඟවට කෝරළේ 12, උඩුනුවර 12, ගලගෙදර 08, නාවලපිටිය 04 , හතරලියද්ද 02, මිනිපේ  හා පන්විල 01 ‍ලෙසින් වාර්තා වේ.

මහනුවර දිස්ත්‍රික්කයේ උඩදුම්බර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාසයෙන් මේ දක්වා ආසාදිතයින් වාර්තා වී නොමැත.

දුම්බර - එම්.ආර්. ප්‍රදීප්



Recommended Articles