මහනුවර දිස්ත්‍රික්කයේ කොරෝනා ආසාදිතයින් දහස ඉක්මවයි


මහනුවර දිස්ත්‍රික්කය  තුලින් නව කොවිඩ් 19 ආසාදිතයින් 12 දෙනෙකු අලුතින් වාර්තා වීමත් සමඟ මහනුවර දිස්ත්‍රික්කයේ සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 1003 ක්  දක්වා  ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අංශ කියයි.

මහනුවර දිස්ත්‍රික්කයේ වැඩිම ආසාදිතයින් පිරිසක් තවමත් වාර්තා වන්නේ  අකුරණ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාසයෙන් වන අතර අද  28වන දිනය වන විට අකුරණ සෞඛ්‍ය   වෛද්‍ය නිලධාරි කොට්ඨාසයෙන් වාර්තා වි ඇති සමස්ත ආසාදිතයින්ගේ සංඛ්‍යාව 280 ක් බවත්  සෞඛ්‍ය අංශ කියයි.

මහනුවර  මොහොමඩ්  ආසික්



Recommended Articles