මහනුවර දිස්ත්‍රික්කයේ ආසාදිතයින් ගණන 16,000 ඉක්මවයි


මහනුවර දිස්ත්‍රික්කයේ  සමස්ත කොවිඩ් 19 ආසාදිතයින් සංඛ්‍යාව 16,000 ඉක්මවා ගොස් ඇත.

ඒ අනුව ඊයේ (14)  ගෙවුණු පැය 24 ක කාලය තුළ නව ආසාදිතයින් 112 ක් වාර්තාවිමත් සමග සමස්ත කොවිඩ් 19 ආසාදිතයින් සංඛ්‍යාව 16,061 ක් දක්වා ඉහළ ගොස් ඇති බව මධ්‍යම පළාත් සෞඛ්‍ය සේවා දෙපාර්තමේන්තුව සඳහන් කරයි. 

මෙම නව ආසාදිතයින් 112 වාර්තාවන  සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස දහ අට වන්නේ  මහනුවර නගර සීමාව 34, හාරිස්පත්තුව 21, ගඟඉහළ කෝරළේ 14, මැණික්හින්න 8, පාතදුම්බර 7,  අකුරණ, ගඟවටකෝරළේ, ගම්පොල 4 බැගින්, පස්බාගේ, උඩුනුවර 3 බැගින්, යටිනුවර, හසරලක 2 බැගින්, හතරලියද්ද, ගලගෙදර, මැදදුම්බර, උඩදුම්බර, පාතහේවාහැට, පූජාපිටිය 01 බැගිනි.

මහනුවර දිස්ත්‍රික්කයේ ඊයේ (14) ගෙවුණු පැය 24 ක කාලය තුළ නව මරණ සංඛ්‍යාව 04 කි. 

 



Recommended Articles