මහනුවර දිස්ත්‍රික්කයේ ආසාදිතයින් 5945 දක්වා ඉහළට


මහනුවර දිස්ත්‍රික්කයේ නව ආසාදිතයින් 91ක් වාර්තාවිමත් සමග සමස්ත කොවිඩ් 19 ආසාදිතයින් සංඛ්‍යාව අද (02) පෙරවරු 10.00 වන විට 5945 ක් දක්වා ඉහළ ගොස් ඇති බව මහනුවර දිස්ත්‍රික් ප්‍රාදේශිය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය පවසයි.

මෙම නව ආසාදිතයින් 91 වාර්තාවන  සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස 15 වන්නේ වත්තේගම 17, මහනුවර නගර සීමාව 11, තලාතුඔය , කඩුගන්නාව  8 බැගින්, කුණ්ඩසාලේ, මැදදුම්බර, මිනිපේ 7 බැගින්, හාරිස්පත්තුව, නාවලපිටිය, ගම්පොල 6 බැගින්, උඩුනුවර 3, ගඟවටකෝරළේ, පන්විල 2 බැගින්,  ගලගෙදර 1 ක් ලෙසිනි.

මධ්‍යම පළාතේ වැඩිම කොවිඩ් ආසාදිත මරණ මහනුවර දිස්ත්‍රික්කයෙන් වාර්තාවන අතර වාර්තාවී ඇති මරණ සංඛ්‍යාව 71කි.

දුම්බර - එම්.ආර්. ප්‍රදීප්



Recommended Articles