මහනුවර දිස්ත්‍රික්කයේ ආසාදිතයින් 5854 දක්වා ඉහළට


මහනුවර දිස්ත්‍රික්කයේ නව ආසාදිතයින් 72ක් වාර්තාවිමත් සමග සමස්ත කොවිඩ් 19 ආසාදිතයින් සංඛ්‍යාව අද පෙරවරු 10.00 වන විට 5854 ක් දක්වා ඉහළ ගොස් ඇති බව මහනුවර දිස්ත්‍රික් ප්‍රාදේශිය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය පවසයි.

මෙම නව ආසාදිතයින් 72 වාර්තාවන  සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස 15 වන්නේ මහනුවර නගර සීමාව 23, තලාතුඔය 9, ගඟවටකෝරළේ 5,  අකුරණ, කුණ්ඩසාලේ, උඩුනුවර, කඩුගන්නාව 4 බැගින් , ගලගෙදර, හාරිස්පත්තුව, පන්විල, වත්ගේතම 3 බැගින්,  දොළුව, පූජාපිටිය, ගම්පොල 2 බැගින්,  උඩුදුම්බර 01 ක් ලෙසිනි.

මධ්‍යම පළාතේ වැඩිම කොවිඩ් ආසාදිතයින්  මහනුවර දිස්ත්‍රික්කයෙන් වාර්තාවන අතර  වාර්තාවී ඇති මරණ සංඛ්‍යාව 71ක් දක්වා ඉහළ ගොස් ඇත.

දුම්බර - එම්.ආර්. ප්‍රදීප්



Recommended Articles