මහනුවර ජාතික රෝහලේ නව පිළිකා රෝගි ඒකකයේ පළමු අදියර විවෘත වෙයි


මහනුවර ජාතික රෝහලේ නව පිලිකා රෝගී ප්‍රතිකාර ඒකකයේ පළමු අදියර අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතාගේ ප්‍රධානත්වයෙන් විවෘත කෙරුණා.

ව්‍යාපෘතිය සදහා රුපියල් මිලියන 1945 ක් වැය කෙරුණා.

මෙම ප්‍රතිකාර ඒකකය මහල් 12 කින් සමන්විතයි. පිලිකා රෝගී ප්‍රතිකාර ඒකකයේ වැඩ කටයුතු 2015 වසරේ දී ආරම්භ කෙරුණා.

රජයේ ප්‍රතිපාදන මෙන්ම පරිත්‍යාගශීලින්ගේ ආධාර ද මේ සදහා යොදා ගැණුනා.

පිලිකා රෝගීන් සදහා ලබාදෙන විශේෂිත වූ විකිරණ චිකිත්සක ප්‍රතිකාර සිදු කළ හැකි යන්ත්‍ර සූත්‍රද නව ඒකකය සතුව පවතිනවා.

 



Recommended Articles