මහනුවර දිස්ත්‍රික්කයේ සමස්ත කොවිඩ් 19 ආසාදිතයින් සංඛ්‍යාව දසදහස ඉක්මවා ගොස් ඇති බව වාර්තාවේ.
ඒ අනුව ගෙවුනු පැය 24 ක කාලය තුළ නව ආසාදිතයින් 145 ක් වාර්තාවිමත් සමග සමස්ත කොවිඩ් 19 ආසාදිතයින් සංඛ්‍යාව අද (02) වන විට 10352 ක් දක්වා ඉහළ ගොස් ඇති බව මහනුවර දිස්ත්‍රික් ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය පවසයි.
මෙම නව ආසාදිතයින් 145 වාර්තාවන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස දාහතර වන්නේ කුණ්ඩසාලේ 53, මැණික්හින්න 33, ගම්පොල 10, යටිනුවර 9, උඩුනුවර 7, හාරිස්පත්තුව හා මැදදුම්බර 6 බැගින්, ගඟවටකොරළේ හා ගලහ 5 බැගින්, පාතහේවාහැට 4, බඹරදෙණිය 3, මහනුවර නගර සීමාව 2, පාතදුම්බර හා පූජාපිටිය 1 ක් ලෙසිනි.
දුම්බර - එම්.ආර්. ප්‍රදීප්

