මහනුවර 231 මරුට, 82 ක් අතුරුදන්


දිට්වා සුළි කුණාටුව හේතුවෙන් දිවයින පුරා ඇති වූ අධික වැසි සහිත කාලගුණ තත්වය නිසා වැඩිම හානිය සිදුව ඇති මහනුවර දිස්ත්‍රික්කයෙන් මේ වන විට ආපදා මරණ   231 ක් දක්වා ඉහළ ගොස් ඇති අතර අතුරුදහන් වීම් 82 ක් වාර්තා වී ඇති බව  ආපදා කළමණාකරණ මධ්‍යස්ථානයේ මහනුවර දිස්ත්‍රික් නියෝජ්‍ය  අධ්‍යක්ෂ  ඉන්දික රණවීර මහතා පවසයි

මහනුවර දිස්ත්‍රික් ආපදා කළමණාකරණ මධ්‍යස්ථානයේ  නියෝජ්‍ය  අධ්‍යක්ෂ ඉන්දික රණවීර මහතා තව දුරටත් සඳහන් කරන්නේ අද (8) වනදා දක්වා   මහනුවර දිස්ත්‍රික්කය තුල පවුල් 52,801   කට අයත් පුද්ගලයින්   1,65,101  ක් පීඩාවට පත්ව ඇති බවයි.

මෙයට අමතරව පවුල් 25,458  ක පුද්ගලයින් 81,373  ක් අවතැන් වී ඇති බවත් ඔවුන්ගෙන්  පවුල්  8,385 ක පුද්ගලයින් 33,567   දෙනෙකු  ආරක්ෂිත  ස්ථාන 329  ක රඳවා ඇති  බවත්  නියෝජ්‍ය අධ්‍යක්ෂ ඉන්දික රණවීර මහතා තව දුරටත් පැවසීය. ඉතිරි පවුල් 11,277 ක පුද්ගලයින්  41,017 ක පිරිස ඥාති නිවෙස්වල පදිංචිව සිටින බව්ත් ඒ මහතා කීය.   

මහනුවර දිස්ත්‍රික්කයේ නිවාස 1890  ක් සම්පූර්ණයෙන් විනාශ වී ඇති අතර තවත් නිවාස   13,566 කට අර්ධ හානි සිදුව ඇති බවත් ඒ මහතා තව දුරටක් කිීය. ආපදාවට පත් පුද්ගලයින් සඳහා සහන සැලසීම මහනුවර දිස්ත්‍රික් ලේකම් ඉන්දික උඩවත්ත මහතාගේ උපදෙස් මත ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය සහ අදාළ ප්‍රා දේශීය ලේකම් කාර්යාලවල  සහායෙන් සිදු කරන බවත්  රණවීර මහතා තව දුරටත් කීය.

මොහොමඩ් ආශික්

 



Recommended Articles