මහනුවර නගරාශ්‍රිත දුම්රිය සේවාව වැඩිදියුණු කිරිමේ ව්‍යාපෘතිය සදහා රුපියල් මිලියන 694.35 ක මුදලක් කොන්ත්‍රාත්කරුවෙත ගෙව තිබුණද කොන්ත්‍රාත්කරු විසින් 2023 වර්ෂයේ සිට කොන්ත්‍රාත්කරු විසින් කොන්ත්‍රාත්තුව ක්‍රියාත්මක කිරිම අත්හිටුවා ඇති බව විගණකාධිපතිවරයා විසින් 2024 වර්ෂයට අදාළව නිකුත්කොට ඇති වාර්ෂික විගණන වාර්තාවේ සදහන් වේ.
මෙකි කොන්ත්‍රාත්තුව පිරිනමා වසර 05කට වඩා වැඩිකාලයක්ගතකර තිබුණද ගිවිසුම් ප්‍රකාරව උපදේශන වාර්තා ලබාදිමකින් තොරව කොන්ත්‍රාත්තුව ක්‍රියාත්මක කිරිම අත්හිටුවා තිබු අතර ඒ හේතුවෙන් ව්‍යාපෘතිය යටතේ දරණු ලැබු වියදම පල රහිත වි තිබුණි. ව්‍යාපෘති කටයුතු ප්‍රමාදවිම හේතුවෙන් රජයට සිදුවන අලාභයන් ගිවිසුම් ප්‍රකාරව අයකරගැනිමටත් කොන්ත්‍රාත්කරු විසින් කොන්ත්‍රාත්තුව අත්හිටුවිම සම්බන්දයෙන් ගිවිසුම් ප්‍රකාරව කටයුතු කිරිමට කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නොතිබු බවද විගණන වාර්තාවේ සදහන් වේ.
මෙකි ව්‍යාපෘතිය සදහා ශක්‍යතා අධ්‍යයනය හා විස්තරාත්මක ඉංජිනේරු සැලසුම් සකස්කිරිම සදහා අදාළ උපදේශන සේවාව ලබාගැනිමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය මත විදේශිය බද්ධ ව්‍යාපාරයක් සැපයුම්කරු ලෙස තෝරාගෙන තිබුණි. මෙකි ව්‍යාපෘතිය 2019 නොවැම්බර් මස 28 වැනිදින සිට මාස 18ක කාලයකින් නිම කිරිම සදහා කොන්ත්‍රාත්තුව පිරිනමා තිබුණි.

