මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු ඩෙංගු මර්දන රාජකාරීවලින් ඉවත්වෙයි


දිවයින පුරා සියලු ඩෙංගු මර්දන රාජකාරී කටයුතුවලින් ඉවත් වීමට තීරණය කර ඇති බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය නිවේදනයක් නිකුත් කරමින් දන්වා සිටියි.

ඒ් අනුව ඔවුන් අද (20) සිට ඩෙංගු මර්දන රාජකාරී කටයුතුවලින් ඉවත්වන අතර ඊට අමතරව හෙට (21) දිනයේදී දිවයින පුරා සංකේත වැඩ වර්ජනයක නිරත වීමට ද තීරණය කර ඇති බවත් වැඩිදුරටත් සඳහන් වෙයි.

කටුනායක බණ්ඩාරණායක ගුවන්තොටුපොළේ සෞඛ්‍ය කාර්යාලයේ සිදුවන අනීතික ක්‍රියාවලට එරෙහිවීම හේතුවෙන් එහි සේවයේ නියුතු සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරකු මාරු කිරීමට විරෝධය පළ කරමින් මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය ආරම්භ කර ඇති බව ඔවුන් නිකුත්කල නිවේදනයේ සඳහන් වෙයි.

ඉන්ද්‍රමූර්ති ජයසූරිය



Recommended Articles