මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් වැඩ වර්ජනය අත්හිටුවයි


බස්නාහිර පළාත තුළ සේවයේ නියුතු මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් අද ක්‍රියාත්මක කිරිමට  සිටි වැඩ වර්ජනය සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය සමඟ පැවති සාකච්ජාවකින් අනතුරුව අත්හිටවු බව ආරංචි වෙයි.

ඊයේ රාත්‍රිය තුළ සෞඛ්‍ය අමාත්‍යවරිය සමඟ කළ සාකච්ජාවකින් අනතුරුව මෙම තිරණය ගෙන ඇති බව සඳහන්ය.

කොවිඩ් එන්නත් ලබාදිමේදි සෞඛ්‍ය සේවයේ නියුතු සෙසු වෘත්තීන් අතහැර සෞඛ්‍ය සේවයේ ඉදිරිපෙළ කටයුතු කරන වෛද්‍යවරුන් සහ වෛද්‍ය නිලධාරින්ගේ පවුල්වල සාමාජිකයින්ට පමණක් ප්‍රමුඛත්වය දිමට විරෝධය පළ කරමින් මෙම වැඩ වර්ජනය ක්‍රියාත්මක නියමිතව තිබුණු බව සඳහන්ය.



Recommended Articles