මහජන සෞඛ්‍ය පරික්ෂකවරයෙකුට පහරදුන් අයෙකු අත්අඩංගුවට


මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයෙකුට බැන පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පුද්ගලයෙකු හිනිදුම පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ, හබරකඩ, කහබද්දල ප්‍රදේශයේදීයී.

පහරකෑමට ලක්වූ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා අද උදෑසන නිරෝධායනය වෙමින් සිටි පුද්ගලයෙකු පරීක්ෂා කිරීමට ගිය අවස්ථාවේදී එම පුද්ගලයා විසින් මෙම පහරදීම සිදුකර තිබෙනවා.

අත්අඩංගුවට ගත් සැකකරු උඩුගම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.



Recommended Articles