මහජන උපයෝගීතා කොමිෂම විදුලියෙන් රු කෝටි 20ක් ඉල්ලයි


ශ්‍රී ලංකා විදුලි බල මණ්ඩලය විසින් මහජන උපයෝගීතා කොමිෂමට වාර්ෂිකව ගෙවිය යුතු නියාමන ගාස්තුව එළැඹෙන ජුලි 30ට පෙර ගෙවන ලෙස සඳහන් කරමින් එම කොමිෂන් සභාව විදුලි බල මණ්ඩලයට ලිපියක් යොමුකර තිබේ.

මේ අනුව අදාළ ගාස්තු ලෙස රුපියල් කෝටි 20ක මුදලක් ලංකා විදුලි බල මණ්ඩලය විසින් මහ ජල උපයෝගීතා කොමිෂමට ගෙවිය යුතු වෙයි.

මෙම මුදල් 2022 වර්ෂය සඳහා අදාළ වෙයි. විදුලි බල පනත අනුව මෙම ගෙවිම් වාර්ෂිකව සිදුකළ යුතු වෙයි. 



Recommended Articles