මහ මැතිවරණයට අදාළව තවත් පැමිණිලි 164ක්


මහ මැතිවරණයට අදාළව තවත් පැමිණිලි 164 ක් ලැබී ඇති බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි. 

ඊයේ සවස 4 න් අවසන් වූ ගතවු පැය 24 ක කාලය තුළ මෙලෙස පැමිණිලි ඉදිරිපත් වි තිබේ.

ඉන් පැමිණිලි 155 ක්ම ලැබී ඇත්තේ දිස්ති‍්‍රක් මැතිවරණ පැමිණිලි කළමණාකරණ මධ්‍යස්ථාන වෙතයි. 

තවත් පැමිණිලි 09 ක් ජාතික මැතිවරණ පැමිණිලි කළමණාකරණ මධ්‍යස්ථානයට ලැබී තිබේ.

ඒ අනුව මහ මැතිවරණයට අදාළව මේ දක්වා ලැබී ඇති සමස්ත පැමිණිලි සංඛ්‍යාව 5,400 ක් දක්වා ඉහළ ගොස් ඇති බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

 



Recommended Articles