මහ මැතිවරණයට අදාල සෞඛ්‍ය නිර්ණායක ඇතුලත් ගැසට් එක මුද්‍රණය නොකොට පොල් ගෑවද? - රනිල්


රටේ ප්‍රධානතම ප්‍රශ්න දෙක බවට පත්ව තිබෙන කොරෝනා හා ආර්ථික අර්බුදයට සහ අනෙකුත් ප්‍රශ්න වලට විසඳුම් ලබා දි රට ගොඩගන්නා මාර්ගය එක්සත් ජාතික පක්ෂ ප්‍රතිපත්ති ප්‍රකාශයට ඇතුලත් කොට තිබෙන බව එම පක්ෂයේ නායක සහ හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ  ප්‍රකාශ කළේය.

මහ මැතිවරණයට අදාල සෞඛ්‍ය නිර්නායකයන් ඇතුලත් ගැසට් පත්‍රය පසුගිය ජුනි මාසයේදි නිකුත් කිරීමට හැකියාව තිබියදි එය මෙපමණ කාලයක් ප්‍රමාද කිරිමට හේතු වූයේ කවරක් දැයි සෞඛ්‍ය ඇමතිනිය වහා  රටට ප්‍රකාශ කළ යුතු බව​ද පැවසීය.

රනිල් වික්‍රමසිංහ මෙම අදහස් පළ කළේ 2020.07.17 සහ 18 යන දින වල හාරිස්පත්තුව, අනුරාධපුර, එප්පාවල, පොලොන්නරුව සහ මින්නේරිය යන ප්‍රදේශ වල පැවති ජනහමු වලට සහභාගි වෙමිනි.

අගෝස්තු 05 වැනිදා පැවැත්වෙන මහ මැතිවරණයට අදාල සෞඛ්‍ය නිර්ණායක ඇතුලත් ගැසට් නිවේදනය මුද්‍රණය කොට ප්‍රකාශයට පත්කරන බව සෞඛ්‍ය ඇමතිතුමිය ප්‍රකාශ කළා. මෙම ගැසට් එකට අදාල යෝජනා සකස් කළේ පසුගිය ජුනි මාසයේදියි.  මෙතෙක් එය මුද්‍රණය නොකොට පොල් ගෑවද....? එහෙමත් නැත්නම් මෙතෙක් මනාප සොයමින් සිටියද කියා මා ඇමතිතුමිය ගෙන් විමසා සිටින බව රනිල් වික්‍රමසිංහ සදහන් කර සිටියේය.



Recommended Articles