මහ බැංකුවේ විදෙස් සංචිත ඉහළට


ශ්‍රී ලංකා මහ බැංකුවේ නිල විදේශ සංචිත වත්කම්වල වටිනාකම පසුගිය මාසය තුළ 21.3% කින් ඉහළ ගොස් ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කරයි.

ඒ අනුව 2023 පෙබරවාරි මාසයේ දී ඇමෙරිකානු ඩොලර් මිලියන 2,219 ක්ව පැවති නිල සංචිත වත්කම්ව මාර්තු මාසය අවසාන වන විට ඩොලර් මිලියන 2,691 ක් දක්වා වර්ධනය විය.

මෙම නිල සංචිත වත්කම් තුළ ප්‍රධාන අයිතමය වන විදේශ විනිමය සංචිතය මාර්තු මාසය තුළ දී ඩොලර් මිලියන 2,184 සිට ඩොලර් මිලියන 2,628 ක් දක්වා 20.3%කින් ඉහළ ගොස් තිබේ.

එසේම මහ බැංකුව සතු රන් සංචිතය ද මාර්තු මාසය තුළ දී ඩොලර් මිලියන 28 සිට ඩොලර් මිලියන 30 ක් දක්වා 7.8%කින් වර්ධනය වී තිබේ. මෙම සංචිතය තුළ ඇමෙරිකානු ඩොලර් මිලියන 1500කට සමාන චීනය විසින් ශ්‍රී ලංකාවට කොන්දේසි සහිතව ලබාදුන් විනිමහ පහසුකම්ද ඇත.



Recommended Articles