ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මහබැංකුවට දෙහි කැපුවට රටට හරි යයි කියා සමහරු සිතා සිටින බව ජනතා විමුක්ති පෙරමුණ සඳහන් කරයි.
පසුගිය දිනවල රටේ ආයෝජකයින්ට ණව දෙන බවට සඳහන් කළත්, ණය පහසුකම් ලබාදී තිබෙන්නේ 50% කට පමණක් බවද එම පක්ෂයේ මධ්‍යම කාරක සභික වසන්ත සමරසිංහ මහතා සඳහන් කළේය.
මීට කලින් ආර්.එම්.වී. එකට ගොස් සද්ධයක් දැමූ බවත් ඊට සතිකට පසු සුපුරුදු විදිහටම ආර්.එම්.වී. එක වැඩ කටයුතු කරන බවත් මීට අමතරව සහල් කඩවලට බන්ධනාගාරයටත් ගිය බවත් මේ නිසා මේ රටේ ඇමති මණ්ඩලය කොහේද කියා ප්‍රශ්නයක් තිබෙන බවද පවසා සිටියේය.
මේ අනුව විසිල් තිබෙන බවත්, එහෙත් බල්ටි නොමැති බවද අද (17දා) දින පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී සඳහන් කළේය.

