මහ කන්නයේදී තවත් පොහොරක් ගොවීන්ට නොමිලයේ දෙයි


ලබන මහ කන්නයේ දී වී වගා කරන ගොවීන්ට තවත් එක් රසායනික පොහොර වර්ගයක් නොමිලයේ ‌ දීමට කටයුතු කරන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.

ඒ සම්බන්ධයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සමග සාකච්ඡා කළ අතර ඊට ජනාධිපතිවරයාගේ යහපත් ප්‍රතිචාර ලැබී ඇතැයි ද අමාත්‍යවරයා සඳහන් කළේය.

ගොවීන්ගේ නිෂ්පාදන වියදම් අවම කිරීම ඉලක්ක කර ගනිමින් රජය මෙම සහන සලසන බවද පසුගිය මහ කන්නයේ දී සහ මෙවර යල කන්නයේ දී ද පොහොර මිල දී ගැනීම සඳහා අවශ්‍ය මුදල් රජය ගොවීන්ට සහනාධාරයක් වශයෙන් දුන් බව අමාත්‍යාංශය පවසයි.

 



Recommended Articles