මහ කන්නයේ වි ගොවින්ට කාබනික පොහොර බෙදා දිම හෙට


මෙවර මහ කන්නයේ වී ගොවීන් සඳහා අවශ්‍ය කාබනික පොහොර බෙදාහැරීමේ වැඩපිළිවෙල හෙට අම්පාර දිස්ත්‍රික්කයෙන් ආරම්භ කිරීමට කෘෂිකර්ම අමාත්‍යාංශය පියවර ගෙන ඇත.

ඊට සමගාමීව සෙසු දිස්ත්‍රික්කවලද පොහොර බෙදාහැරීම ඒ අනුව සිදුකරන බව කෘෂිකර්ම අමාත්‍යාංශය සඳහන් කරයි.

කාබනික පොහොර බෙදාහැරීමේ දී අම්පාර, අනුරාධපුරය, පොළොන්නරුව,මොනරාගල, ත්‍රිකුණාමලය, මඩකලපුව, කුරුණෑගල, හම්බන්තොට හා පුත්තලම යන වී වගාව බහුලව සිදුකරන දිස්ත්‍රික්ක සඳහා ප්‍රමුඛතාව ලබාදීමට තීරණය කර ඇත.

 



Recommended Articles