මසුන් ඇල්ලීම සඳහා යොදා ගන්නා පුපුරණ ද්‍රව්‍ය සමඟ පුද්ගලයෙකු නාවික හමුදා භාරයට


ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් 2020 ජුනි 08 වන දින පුල්මුඩේ, ජින්නපුරම් ප්‍රදේශයේ සිදු කරන ලද මුර සංචාරයකදී මසුන් ඇල්ලීම සඳහා යොදා ගන්නා පුපුරණ ද්‍රව්‍ය සමග පුද්ගලයෙකු නාවික හමුදා භාරයට ගන්නා ලදි.

මෙලෙස නාවික හමුදා භාරයට ගන්නා ලද පුද්ගලයා වයස අවුරුදු 41ක් වන මූතූර් ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවට හදුනාගෙන ඇති අතර, අදාල සැකකරු, පුපුරණ දුව්‍ය, ඩිංගි යාත්‍රාව සහ යාත්‍රාවේ තිබු අනෙකුත් ඩීවර ආම්පන්න ඉදිරි විමර්ශණ කටයුතු සඳහා පුල්මුඩේ පොලීසිය වෙත භාරදීමට කටයුතු කරන ලදි.



Recommended Articles