මව් පිය සහ පුතු දෙදෙනා පැවිදි දිවියට


එකම පවුලේ මව පියා , කුඩා පුතුන් දෙදෙනා සහ තවත් ගිහියන් දෙදෙනෙකු පැවිදි දිවියට එක්වීම සහ තරුණියන් හැට දෙනෙකු තම දිගු කෙස් කළඹ පිලිකා රෝගීන් වෙනුවෙන්  දන් දීම බිංගිරිය සෙනසුන්කුටියේදී දුරුතු පුන් පෝදා සිදු කෙරිණි .

බිංගිරිය ප්‍රදේශයේ පදිංචි  එකම පවුලේ මවුපියන් සහ වයස අවුරුදු  12 - 13  වයස් වල කුඩා පුතුන් දෙදෙනා සහ එම ප්‍රදේශයේම තවත් ගිහියන් දෙදෙනෙක්ද මෙදින  පැවිදි  දිවියට එක් වූහ.

බිංගිරිය  ප්‍රදේශයේ පදිංචි තරුණියන් හැට දෙනෙකුු   තම  දිගු කෙස් කලඹ අසරණ පිලිකා රෝගීන් වෙනුවෙන් දන් දීමද මෙදින  පැවිදි පිංකම සමගම සිදු කෙරිණි .

උඩුනුවර ප්‍රසන්න මාණස හිමියන්ගේ අනුශාසනා පරිදි  ආරාධිත නායක හිමිවරුන්ගේ සහ   දායකයින් සහ බැතිමතුන් විශාල පිරිසකගේ සහභාගිත්වයෙන්  පිංකම   සිදු කෙරිණි.

නිකවැරටිය ප්‍රියාණි මංගලිකා 



Recommended Articles