මව හා දියණියන් තිදෙනා මුහුදු රළ පහරට හසුවෙයි - කුඩාම දියණිය ජීවිතක්ෂයට


හලාවත වෙරළ උද්‍යානය ඉදිරිපිට මුහුදු රළ පහරට හසුවූ එකම පවුලේ මව හා දියණියන් තිදෙනෙකු බේරාගෙන හලාවත රෝහලට ඇතුළත් කිරිමේදී දියණියක් මියගොස් ඇති බව පොලීසිය පවසයි.

මෙසේ ජීවිතක්ෂයට පත්ව ඇත්තේ අවුරුදු 1 මාස 2ක් වයසැති කුඩා දියණියකි.   මව හා අවුරුදු 8 හා 12 වයස්වල පසුවන දියණියන් දෙදෙනා හලාවත රෝහලේ ප්‍රතිකාර ලබන බව පොලීසිය පවසයි.



Recommended Articles