මව වෙනුවට දරුවා පොලිස් භාරයට ගත්තාද? පොලීසියෙන් පැහැදිලි කිරීමක්


වැලිඔය පොලිස් ස්ථානය මගින් බාලවයස්කාර දරුවෙක් අත්අඩංගුවට ගෙන පොලිස් ස්ථානයේ රඳවා තබා ගත්තේ යැයි කියනසිදුවීම සම්බන්ධයෙන් පොලීසිය පැහිදිලි කිරීමක් කර තිබේ.

මෙහිදී දරුවාගේ මව වූ වරෙන්තුකාරියක් අත්අඩංගුවට ගැනීමට යාමේදී ඇය විසින් දරුවා නිවසේ තබා නිවසින් පළාගොස් ඇති බවයි.

එහිදි දරුවාට සිදුවිය හැකි කරදරයක් වළක්වා ගැනීමේ අපේක්ෂාවෙන් මෙන්ම දරුවාගේ ආරක්ෂාව වෙනුවෙන් මෙම අටහැවැරිදි දරුවා පොලිස් ස්ථානයට රැගෙන ආ බවට වැලිඔය පොලිස් ස්ථානාධිපතිවරයා දන්වා ඇති බව පොලිස් මූලස්ථානය නිකුත් කළ නිවේදනයේ දැක්වෙයි.

 



Recommended Articles