මල් වට්ටියක් රුපියල් ලක්ෂ 4කට අලෙවි වෙයි


මාතලේ - ලේනදො - කිරලැස්ස ශ්‍රී පුෂ්පාරාම විහාරස්ථානය ආධාර පිණිස පැවැත්වු කුසුම් බදුන් වෙන්දේසියේ දී මල් වට්ටිය රුපියල් හාරලක්ෂ පන් දහසකට අලවි වූ බැවි සංවිධායක මණ්ඩලය කියයි.

ඊයේ (09) රාත්‍රියේ පැවැති කුසුම් බදුන් වෙන්දේසියේ දී ප්‍රදේශ වාසින් එක්ව මල් වට්ටිය මිලදි ගෙන තිබේ.

ප්‍රදේශ වාසින් විසින් සංවිධාන කර තිබු මෙම පිංකම් මාලාව අතරතුර පැවිති දැඩි වර්ෂා තත්ත්වය ද නොතකා විශාල පිරිසක් කුසුම් බදුන් වෙන්දේසිය සදහා එක්ව සිටි අතර මනහර නාට්‍ය සංදර්ශන මාලාවක් ද විහාරස්ථානයේ පැවැත්වෙයි.

කුසුම් බදුන් වෙන්දේසිය ප්‍රවින කිවිවර හා විරිදු ගායන ශිල්පි වයි.එම්.එස්. බණ්ඩාර මහතා විසින් මෙහෙයවන ලදි.

නාවුල ඉන්දික



Recommended Articles