මල් වට්ටිය රුපියල් හය ලක්ෂ හැට දාහයි


නාඋල - මී ගොල්ල ශ්‍රී ජින රාජ විවෙක සෙනසුනේ අභිනවයෙන් ඉදිවන චෛත්‍ය රාජයාන්න වහන්සේගේ ඉතිරි වැඩ කොටස් නිමා කිරිම වෙනුවෙන් පසුගිය දා (14) පැවැති කුසුම් බදුන් වෙන්දේසියේ දී මල් වට්ටිය රුපියල් හය ලක්ෂ හැට දහසකට අලවි වූ බව සංවිධායකයෝ කියා සිටිති.

පසුගිය දා (13) රාත්‍රියේ සිට දින තුනක් පැවැත්වෙන මෙම පිංකම් මාලාවට සමගාමීව සල්පිල් භාණ්ඩ වෙන්දේසිය,ආධුනික ගීත ප්‍රසංගය මෙන්ම නාට්‍ය සංදර්ශන මාලාවන් ද පිංකමට සමගාමීව විහාරස්ථානයේ දී පැවැත්වෙයි.

වැඩසටහනේ දෙවනි දිනය වු පසුගිය දා (14) අළුයම දෙකට පමණ පැවැත්වු කුසුම් බදුන් වෙන්දේසියේ දී ලන්සු ක්‍රමයට ආරම්භ වු වෙන්දේසීයේ දී අවසන් ලන්සුව වු රුපියල් අසූ දහසක මුදලක් ලබාදෙමින් මීගොල්ල ප්‍රදේශයේම පුද්ගලයින් පිරිසක් විසින් කුසුම් බදුන ලබාගන්නා ලදි.

නාඋල - මී ගොල්ල ශ්‍රී ජින රාජ විවෙක සෙනසුනේ විහාරාධිපති පූජ්‍ය කෝන්ගහවෙල සුමන ස්වාමීන් වහන්සේගේ ආශිර්වාදයෙන් හා විහාරස්ථ දායක සභාවේ මැදිහත්වීම යටතේ පැවැත්වුනු කුසුම් බදුන් වෙන්දේසිය ප්‍රවීන කවි හා විරිදු ගායන ශිල්පියෙකු වන වයි.එම්.එස්.බණ්ඩාර මහතා විසින් මෙහෙයවන ලදි.

වාරියපොල ස්වර්ණ හංස කලා සංගමය මගින් නාට්‍ය සන්දර්ශනය පැවැත්වු අතර මේ සදහා නාඋල ප්‍රදේශයේ විශාල පිරිසක් ද එක්ව සිටිනු දක්නට ලැබුනි.

නාවුල  - ඉන්දික අරුණ කුමාර



Recommended Articles