මරදානේ පාළු නිවසකින් කෝටියකට අධික මත්කුඩු


මරදාන ලොකට් පටුමග අත්හැර දමන ලද පාළු නිවසක් තුළ තිබී  රුපියල් කෝටියකට අධික වටිනාකමින් මත්කුඩු තොගයක් අද සොයා ගැනීමට හැකි වූ බව මරදාන පොලිසිය කියයි .

මත්කුඩු කිලෝ1 ග්‍රෑම්  78 ක්  එහි අඩංගුව තිබූ බව පොලිසිය කියයි

කොළඹ මධ්‍යම කොට්ඨාස දූෂණ මර්දන ඒකකයට ලද තොරතුරක් අනුව උප පොලිස් පරීක්ෂක අසේල මහතා ඇතුළු කණ්ඩායමක් විසින් මෙම මත්කුඩු තොගය සොයා ගත් බව පොලිසිය කියයි

ඩොල්ෆින් මාළුවෙකුගේ  සලකුණක් සහිතව  මෙම මත්කුඩු තොගය පාර්සල් පහක් තුළ  අඩංගුව තිබූ බව පොලිස් නිලධාරියකු පැවැසීය

මෙම සළකුණු සහිත ලකුණු සහිත මකුළු බෙදාහරින ජාවාරම්කරුවකු හඳුනාගැනීම සඳහා  කොළඹ මධ්‍යම කොට්ඨාස දූෂණ මර්දන ඒකකයේ සහ මරදාන පොලිසිය ඒකාබද්ධව පරීක්ෂණ පවත්වයි

බණ්ඩාරගම බිමල් ශ්‍යාමන් ජයසිංහ 

 



Recommended Articles