මරදාන පොලීසියේ ගින්නක්


මරදාන පොලිස් ස්ථානයේ අද (16) අලුයම ගින්නක් හට ගෙන තිබේ.

මේ වනවිට ගින්න පාලනය කර ඇති අතර ඒ සඳහා කොළඹ මහනගර සභාවේ ගිනිනිවීම් රථ 2ක් යොදාගෙන ඇත.

මරදාන පොලීසියේ බෝජනාගාරයේ සහ පැරණි නේවාසිකාගාරයේ එම ගින්න හටගෙන තිබුණි.

විදුලි කාන්දුවක් ගින්නට හේතුවන්නට ඇති බව පොලීසිය සැක කරයි.

 



Recommended Articles