මරණය පෙනි පෙනී සිටි 4ක් බේරා ගැනෙයි


නිලාවේලි මුහුදේ දියනාමින් සිටියදි ගොඩබිමේ සිට මීටර් 100ක් මුහුදේ හදිසියේ ඇති වු දිය වැලකට හසුව ගසාගෙන යද්දි පාසල් සිසු සිසුවින් හතර දෙනෙකු ඊයේ (17දා) බේරා ගැනිමට පොලිස් ජිවිතාරක්ෂක ඒකකය සමත්විය.
 
වව්නියාවේ පදිංචි මෙම පිරිස දෙමාපියන් සමග විනෝද චාරිකාවක් සදහා ත්‍රිකුණාමලයට පැමිණ නිලාවේලි මුහුදුතීරයේ  ගෝපාලපුරම්  කොටසේ දිය නාමින් සිටියදි මෙම අනතුරට මුහුණ දි  තිබේ.
 
වව්නියාව නෙලුම් කුලම් හි පදිංචි ධර්මලිංගම්  ඩර්මීසා (09) ධර්මලිංගම් තව්මිනා  (12) එස්.නිරෝජන් (14) ආර්.ගානවි (09)නැමැති අය මෙලෙස බේරාගෙනමුලික  ප්‍රථමාධාරලබාදිමෙන් පසු  සිසුන්  දෙමාපියන්ට භාරදිමට පොලිස් ජිවිතාරක්ෂක ඒකකය කටයුතු කළේ ය. 
 


Recommended Articles