මරණ දඩුවම ක්‍රියාත්මක කිරීම ගැන අවසන් තීරණයක් නෑ


මරණ දඩුවම ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් තවමත් අවසන් තීරණයක් ගෙන නොමැති බව සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා කීය. කැබිනට් තිරණ දැනුම් දීමේ සාකච්ඡාවදී මාධ්‍ය වේදියෙකු යොමුකළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඔහු මේ බව පැවැසීය. මරණ දඩුවම ක්‍රියාත්මක කිරීමට ජනපතිවරයාට යෝජනා ඉදිරිපත්ව ඇති බවත් ඔහු පැවැසීය.



Recommended Articles