මම සමාව ඉල්ලුවේ කතෝලික සභාවෙන් නෙමෙයි


තමා කතෝලික සභාවෙන් සමාව නොඉල්ලූ බවත් කතෝලික ජනතාවගෙන් සමාව ඉල්ලූ බවත් හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවැසීය. හිරු ටී.වී. නාළිකාව සමග සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ඔහු මේ බව පැවැසීය.

Q - ඔබතුමා කතෝලික ජනතාවගෙන් සමාව ඉල්ලුවට කතෝලික සභාව ඔබතුමාට සමාව දෙන්න සූදානම් නෑ.

A  - මම කතෝලික සභාවෙන් සමාව ඉලලුවේ නෑ. කතෝලික ජනතාවයි කතෝලික සභාවයි කියන්නේ දෙගොල්ලක්. මේ රටේ කතෝලික තියෙනවා. ක්‍රිස්තියානි තියෙනවා. මූලධර්ම වාදය තියෙනවා. බෝර්න් අගෙන් තියෙනවා. ඒ ඔක්කොම එකතුකළාම ලක්ෂ විස්සක් විතර ඉන්නවා. ඔය ලක්ෂ විස්සෙන් මට නඩු දාලා තියෙන පාර්ශ්වය ඉන්නේ ලක්ෂ 10ක් විතර. 

Q - භාගෙට භාගයක් නඩු දාලා ඔබතුමාට

A  -නඩු දලා ඔක්කොම කරලා තියෙන්නේ. තවත් ඔය මාතෘකාව කථා කරන එක කිසි තේරුමක් නෑ.

Q - ජුඩ් ක්‍රිශාන්ත පියතුමා කියනවා ඔබතුමාට හැකිනම් කටුවාපිටියට, කොච්චිකඩේ පල්ලියට කතෝලික ජනතාව අතරට යන්න කියලා.

A  - මම මට ඕන වෙලාවක යන්නම්. එයාට ඕන වෙලාවක නෙමෙයි. එයා කවුද මට? මොනවද එයා මේ දෝඩවන්නේ? 

 

 

 



Recommended Articles