මම ඇමති වෙනකොට ඒ අය පාසල් ගිහිනුත් ඉවර නෑ


තමන් අමාත්‍යවරයෙක් ලෙස පළමු වරට පත්වූයේ 2000 වසරේදී බවත් අද පාර්ලිමේන්තුවේ සිටින ඇතැම් අය ඒ වන විට සිය පාසල් ගමන හෝ නිමාකර නොමැති බවත් අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත මහතා පැවැසීය.

අයවැය කාරක සභා විවාදයට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළේය.

" එදා සිට අද දක්වා මම කිසිම දවසක කිසිම විශයක් කිසිම ජනාධිපතිවරයෙකුගේ, චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග ජනාධිපතිතුමිය, මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා, මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා, ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා, වර්තමාන ජනාධිපතිතුමා, ජනාධිපතිවරු 5 දෙනෙක් යටතේ කිසිම විශයක් මම ඉල්ලලා අරගෙන නෑ. මට දුන්න විෂයක් මම කරලා තියෙනවා හැකි උපරිමයෙන්. "



Recommended Articles