මනූෂට එරෙහිව ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන්ගෙන් ලිපියක්


පාර්ලිමේන්තු මන්ත්‍රී මනූෂ නානායක්කාරට එරෙහිව අපක්ෂපාතී පරීක්ෂණයක් සිදුකොට ගත හැකි උපරිම විනය ක්‍රියාමාර්ග ගන්නා ලෙස ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරු කථානායකවරයානේ ඉල්ලා තිබේ.

ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරු 38 දෙනෙකුගේ අත්සනින් යුක්තව ලිපියක් යොමු කරමින් මෙම ඉල්ලීම සිදු කර තිබේ.

මනූෂ නානායක්කාර සිය ආසනයෙන් නැගිට ප්‍රවේගකාරී අයුරින් මූලාසනය වෙත පැමිණ තර්ජනාත්මක ආකාරයෙන් හැසිරීම සම්බන්ධයෙන් මෙම පරීක්ෂණය පවත්වන ලෙසයි ඔවුන් ඉල්ලා සිටියි.



Recommended Articles