2026.09.24 දින හොරොව්පොතාන පොලිස් වසමේ ඉහලකුඹුක්ගොල්ලෑව ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු පාළු වගා ලිඳක් තුල මියයාමේ සිද්ධියක් සම්බන්ධයෙන් හොරොව්පොතාන පොලිස් ස්ථානය මගින් විමර්ශන ආරම්භ කර තිබුණි.
ඒ අනුව සිදුකල විමර්ශන වලදී මෙය මනුෂ්‍ය ඝාතනයක් බවට අනාවරණය වී ඇති හෙයින් මෙම ඝාතනයට සම්බන්ධ සැකකාරියක් හා සැකකරුවන් දෙදෙනෙකු 2026.11.15 දින ඉහලකුඹුක්ගොල්ලෑව ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇත.
සැකකාරිය අවුරුදු 17 ක් වන හා සැකකරුවන් අවුරුදු 23 හා 26 වයස්වල පසුවන ඉහලකුඹුක්ගොල්ලෑව ප්‍රදේශයේ පදිංචිකරුවන් වේ.හොරොව්පොතාන පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.

