මන්නාරමේ කැලෑවකින් මෝටාර් උණ්ඩ අසුරණ තොගයක් හමුවෙයි


මන්නාරම එළුත්තූරු ප්‍රදේශයේ පෙරියගාමම් ගම්මානයේ කැලෑබද ප්‍රදේශයක තිබි අද (07) උදෑසන මෝටාර් උණ්ඩ අසුරණ 6ක් තිබි සොයාගත් බව මන්නාරම් පොලීසිය පවසයි.

පෙරියගාමම් ගම්වැසියෙකු කැලෑවට ගිය අවස්ථාවේදී අදාළ මෝටාර් උණ්ඩ අසුරණ තොගය දැක ඒ බව මන්නාරම් පොලීසියට දැනුම් දීමෙන් පසුව පොලිස් නිලධාරීන් එම ස්ථානයට පැමිණ මෝටාර් උණ්ඩ අසුරණ සොයාගෙන ඇත.

අදාළ මෝටාර් උණ්ඩ අසුරණ තොගය කිසියම් පුද්ගලයෙකු විසින් එම ස්ථානයට ගෙනවිත් දමන්නට ඇති බවට මන්නාරම් පොලීසිය සැක පල කර සිටින අතර ඒ පිළිබඳව පරික්ෂණයක්ද අරඹා ඇතැයි මන්නාරම් පොලීසිය වැඩි දුරටත් පවසයි.

                                                                 



Recommended Articles