මන්නාරම සුළං විදුලි බලාගාර ව්‍යාපෘතිය ජනපති ප්‍රධානත්වයෙන් ආරම්භ කෙරේ


මන්නාරම, මුල්ලිකුලම් ප්‍රදේශයේ ඉදිකෙරෙන මෙගාවොට් 50 ක සුළං විදුලි බලාගාර ව්‍යාපෘතිය ආරම්භ කිරීම ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් අද (15) සිදු කෙරිණි.

මෙම සුළං විදුලි බලාගාර ව්‍යාපෘතිය ටර්බයින 10 කින් සමන්විත වේ.

එමඟින් ජනනය කරන විදුලි ඒකකයක්  රුපියල් 14.37 කට අලෙවි කිරීමට නියමිත අතර, ව්‍යාපෘතිය ලබන වසරේ මාර්තු මාසයේදී අවසන් කිරීමට සැලසුම් කර තිබේ.



Recommended Articles