මන්නාරම වෙරළෙන් ඖෂධ තොගයක් හමුවෙයි


මන්නාරම, නඩුකුඩා වෙරළ තීරයට ගොඩගසා තිබූ ඖෂධ තොගයක් නාවික හමුදා භාරයට ගෙන තිබේ.  

උතුරු මැද නාවික විධානයට අයත් නාවික නෞකා ගජබා ආයතනය විසින් මන්නාරම, නඩුකුඩා වෙරළ ප්‍රදේශයේ සිදුකළ පාමුර සංචාරයකදී පොලිතින් උර තුල අසුරා තිබූ  ඖෂධ තොගයක් මන්නාරම නඩුකුඩා වෙරළ තීරයට ගොඩ ගසා තිබියදී මෙලෙස නාවික හමුදා බාරයට ගන්නා ලදී.

නාවික හමුදා භාරයට ගත් මෙම ඖෂධ තොගයේ වෙළඳපොල වටිනාකම රුපියල් මිලියන 4.5 කට අධික වේ.

මෙම ඖෂධ තොගය නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ඒමට උත්සහ කර, නාවික හමුදා මෙහෙයුම් හේතුවෙන් ජාවාරම්කරුවන් විසින් මෙලෙස මුහුදට දමා යන්නට ඇතැයි විස්වාශ කෙරේ.



Recommended Articles