මන්නා රමේෂ් ගේ නිවසින් අත්බෝම්බයක් සොයා ගනී


ඩුබායි රාජ්‍යයේ සිට මෙරටට රැගෙන හා සංවිධානාත්මක අපරාධකරුවකු වන මන්නා රමේෂ් සැකකරුගේ අවිස්සාවේල්ල, යාලගම, නාපාවෙල නිවසේ සඟවා තිබියදී එම අත්බෝම්බය සහ යතුරුපැදිය හමුවී ඇකි බව බස්නාහිර පළාත් දකුණ අපරාධ කොට්ඨාසය පැවසීය.

අත් බෝම්බය නිවස තුළ වළ දමා තිබියදී සොයා ගෙන ඇති අතර යතුරුපැදිය සොයාගෙන ඇත්තේ නිවස පිටුපස සඟවා තිබියදීය.

සැකකරු ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ පැය 72ක කාලයක්  අපරාධ කොට්ඨාසයේ රඳවාගෙන වැඩිදුර පරීක්ෂණ පැවැත්වීම සිදුකෙරෙයි.



Recommended Articles