මන්න රමේෂ් ගෙන එද්දී කටුනායකට විශේෂ ආරක්ෂාවක්


සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙකු මෙන්ම මිනීමැරුම් කීපයක්  සදහා චෝදනා ලබා සිටින අධිකාරම් මුදියන්සේලාගේ රමේෂ් ප්‍රියජනක නොහොත් " මන්නා රමේෂ් " නැමැති අය 05/07 දින අලුයම ඩුබායි සිට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන කටුනායක ගුවන් තොටුපොළ වෙත රැගෙන පැමිණියහ .

32 හැවිරිදි වියේ පසුවන මන්නා රමේෂ් අවිස්සාවේල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි .ඔහු මීට මාස කීපයකට පෙර ඩුබායි හී දී එරට ආරක්ෂක නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන තිබුණි .

මන්නා රමේෂ් 05/07 දින අලුයම 04.43 ට ඩුබායි සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 226 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත රැගෙන විත් තිබුණි .

ඔහු වෙනුවෙන් කටුනායක ගුවන් තොටුපොළ තුළ පොලිස් නිලධාරීන්ට අමතරව පොලිස් විශේෂ කාර්යය බළකායේ නිලධාරීන් විශාල පිරිසක් ද කැදවා තිබුණි .

කටුනායක ගුවන් තොටුපොළ වෙත රැගෙන පැමිණි මන්නා රමේෂ් , ගුවන් තොටුපොළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු ඒකකය වෙත කැදවා ගෙන පැය 04 ක පමණ කාළයක් ප්‍රකාශ සටහන් කර ගැනීමෙන් අනතුරුව උදෑසන 08.40 ට පමණ මිරිහාන කොළඹ දකුණ බස්නාහිර පළාත්  අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු මූලස්ථානය වෙත දැඩි ආරක්ෂක විධිවිධාන යටතේ රැගෙන යාමට පියවර ගෙන තිබුණි .



Recommended Articles